ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කිසිදු සූදානමක් නොමැති බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද (24) අවධාරණය කළා. තමා මේ බව ප‍්‍රකාශ කරන්නේ යුනෙස්කෝ සංවිධානයේ විධායක කමිටු සාමාජිකයෙකු මෙන්ම මෙරට සභාපතිවරයා ලෙසද බවයි ඔහු කියාසිටියේ.
යුනෙස්කෝ සංවිධානයේ තීරණය සම්බන්ධයෙන් මේ දක්වා නිල වශයෙන් අනාවරණ නොවීම පිළිබද මාධ්‍යවේදීන් අද පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න කළා.
යුනෙස්කෝ සංවිධානයේ නිර්දේශ පවා නොසලකා හරිමින් ගාළු කොටු පවුරේ ලෝක උරුම සීමාවේ අදාළ අනවසර ඉදිකිරීම් ඉදිකර ඇති බවයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මෙහිදී කියාසිටියේ.