2014 වසරේ අළුත්ගම දර්ගා නගරයේ ඇති වූ ගැටුම්කාරී වාතාවරණයෙන් හානියට පත් වෙළඳසැල් සහ නිවාස සඳහා වන්දි ප්‍රදානය කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍ය එම්.ඩී ස්වාමිනාදන්ගේ සහභාගීත්වයෙන් අළුත්ගම දර්ගා නගරයේ සහිරා විද්‍යාලයේ දී හෙට (26) පස්වරු 3.00 ට සිදු කෙරෙනවා.
මෙහිදී හානියට පත් නිවාස සහ වෙළඳසැල් 122 කට රුපියල් මිලියන 188 ක වන්දි මුදලක් පිරිනැමෙනවා. අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඒ සඳහා ලැබී තිබෙනවා.
යහපාලන රජයේ තවත් පොරොන්දුවක් වන මෙය, සහජීවනය උදෙසා වන්දි ප්‍රදානය කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.