Thursday, December 26, 2024

General line - 0115112241

ඇවන්ට් ගාඩ් සහ රක්නා ලංකා සභාපතිවරුන්ට එරෙහි අල්ලස් නඩුව විභාගයට දින දෙයි




 

රුපියල් ලක්ෂ 355 ක මුදලක් අල්ලසක් වශයෙන් ලබා දීමේ සහ ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇවන්ට් ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලන්කා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහි නඩුව සැප්තැම්බර්  මස 12 දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (25) නියෝග කළා. 

මෙම නඩුව මෙහෙයවන රජයේ නීතිඥවරයා විදේශ ගතවී ඇති බැවින් නඩු විභාගය කල් තැබීමට විනිසුරු ශෂී මහේන්ද්‍රන්  තීරණය කළා.

අධි චොදනා 47 ක් යටතේ ඇවන්ට් ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රජයේ නිලධාරියකු ලෙසට කටයුතු කළ රක්නා ලන්කා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත .

රජයේ නිලධාරියකු ලෙසට කටයුතු කළ රක්නා ලන්කා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මුදල් අවස්ථා හතකදී ලබා ගෙන ඇති බවත් මෙම නඩුව ලේඛන ගත සාක්ෂි මත පදනම් වන බව රජයේ නීතිඥවරයා මීට පෙර  අධිකරණයට දැන්විය .


විත්තිකරුවන් මෙම වරද 2012 සහ 2014 අතර කාලය තුළ සිදු කර ඇති බවත් අල්ලස් පනතේ 17, 19, 21 සහ 25 වගන්ති යටතේ වරදවල් සිදු කර ඇති බවට මෙම අධි චෝදනා මගින් අල්ලස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා චෝදනා කර සිටියි .