Sunday, May 5, 2024

General line - 0115112241

යූ ආර් අ ලීඩර් සහ ලංකා බැංකුව නිල ගිවිසුම් අත්සන් තබයි (PHOTOS)




නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහන සමග ලංකා බැංකුව අත්වැල් බැඳ ගනිමින් නිල වශයෙන් ගිවිසුම් අත්සන් තැබීම ඊයේ (24) සිදු කෙරුණා.

මෙම වැඩසටහන සංවිධාන කරන්නේ පාසල් සිසු දරු දැරියන්ගේ නායකත්ව ගුණාංග සහ පෞරුෂය සංවර්ධනය වෙනුවෙන්.

දරු දැරියන්ට මෙන්ම ඔවුන්ගේ දෙමාපියන් සහ ගුරුවරුන් වෙනුවෙන්ද මෙහිදී දේශන සහ කි‍්‍රයාකාරකම් සිදු කිරීම විශේෂත්වයක්.

නිල වශයෙන් ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට ලංකා බැංකුවේ පළාත් විකුණුම් සහකාර මහ කළමනාකරු ඊ. එම්. ජයරත්න එක්ව සිටි අතර ඔහු සඳහන් කළේ මෙම වැඩසටහනේ වැදගත්කම මත ඊට සම්බන්ධවීමට තීරණය කළ බවයි. නෙත් රේඩියෝවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත දහනායක නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහන නියෝජනය කරමින් ඊට අත්සන් තැබුවා. 

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ මීළඟ අදියර උඩවලව මහා විද්‍යාලයේදී හෙට (26) ආරම්භ වනවා.