Thursday, December 26, 2024

General line - 0115112241

SB තීරණය ගනියි

හේමන්ත කහවලගේ/තරංග රුක්ෂාන් ජයසේකර/පසන් වික්‍රමතිලක




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටිමින් ඒකාබද්ධ විපක්ෂය හා සම්බන්ධ වී කටයුතු කිරීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක තීරණය කර තිබෙනවා.

ඒ, මීළඟ රැස්වීමට පැමිණෙන ලෙස ආරාධනා කිරීමට ඒකාබද්ධ විපක්ෂය ඊයේ (24) රාත‍්‍රියේ ගත් තීරණය පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකදීයි.

එස්. බී. දිසානායක මන්ත‍්‍රීවරයාට අමතරව ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න සහ සුසිල් පේ‍්‍රමජයන්ත් යන මන්ත‍්‍රීවරුන්ට ද ඒකාබද්ධ විපක්ෂයේ මීළග රැස්වීමට ආරාධනා කිරීමටයි එහි පක්ෂ නායකයින් ඊයේ තීරණය කර ඇත්තේ. 

මේ අතර ඒකාබද්ධ පොදුජන පෙරමුණ නමින් පිහිටුවන නව සන්ධානය සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. පොහොට්ටුව ලකුණ යටතේම ඉදිරියටත් මැතිවරණ සඳහා තරග වැදීමට ද එහිදී අවසන් එකඟතාවකට පැමිණ තිබෙනවා.

මෙම නව සන්ධානය සඳහා දේශපාලන පක්ෂ 20කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළත්. එහි තනතුරු බෙදාදීම සම්බන්ධයෙන් ද ඊයේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි වාර්තා වුණේ. 

ඉදිරි පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ද එහි දී සාකච්ඡා කර තිබෙනවා. එමෙන්ම අගෝස්තු 17 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාව සැප්තැම්බර් 05 වැනිදා දක්වා කල් දැමීමටයි ඊයේ රාත‍්‍රියේ රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් තීරණය කර ඇත්තේ. ඒ, අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන්.