සෞඛ්‍ය සේවාවන් සඳහා වන වියදම් වැට් බද්දෙන් නිදහස් කිරීමට අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව වෛද්‍ය උපදේශන ගාස්තු, රෝහල් කාමර ගාස්තු, චැනල් ගාස්තු සහ වෛද්‍ය වෘත්තිකයින්ට ගෙවන ගාස්තු යන සේවාවන් සැපයීමට අදාළව මීට පෙර පනවා තිබූ බදු ජූලි 02 වනදා සිට ඉවත් කිරීමටයි තීරණය කර ඇත්තේ. එහෙත් රෝහල් කාමර ගාස්තු මත පැනවූ බදු එලෙසම පවතිනවා.
ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.