Friday, December 27, 2024

General line - 0115112241

මව්පියන් සඳහා විශේෂ දේශනයක් අද (PHOTOS) (UPDATE)




නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව උඩවලව මහා විද්‍යාලයේ සංවිධාන කරන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ දෙදින නේවාසික කඳවුරේ විසිර යාමේ උත්සවය අද (29) පැවැත්වෙනවා.

මෙම වැඩසටහනින් තමන් ලද අත්දැකීම් පිළිබදව නේවාසික කඳවුරට එක් වූ දරු දැරියන් විවිධ අදහස් පළ කළා.

(පහත හඬපටයෙන් එම අදහස් දැක්වෙයි.)

උඩවලව මහා විද්‍යාලයේ සිසුන්ගේ මව්පියන් සඳහා විශේෂ දේශනයක්ද අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. මා පිය ගුණ වන්දනා සංගීත චිකිත්සාවක්ද මෙම විද්‍යාලයේදි අද පැවැත්වීමට නියමිතයි.
 

 

------------------------------

නිවුස් යූ ආර් අ ලීඩර් වැඩමුළුවේ සිසු දරු දැරියන්  ‘‘කොන්දේසි විරහිත ආදරය’’  වැඩසටහනකට එක් වෙයි   (PHOTOS/UPDATE)

28-07-2018 18:44

 

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව උඩවලව මහා විද්‍යාලයේ සංවිධාන කරන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ දෙදින නේවාසික කඳවුරේ අවසන් දිනය අදයි (28). මේවනවිට දරු දැරියන් ‘‘කොන්දේසි විරහිත ආදරය’’ නම් වූ රසවින්දනාත්මක වැඩසටහනකට සහභාගී වී සිටිනවා. 

මේ අතර තම දරු දැරියන්ගේ දක්ෂතා සම්බන්ධයෙන් මවුපියන් මෙලෙස අදහස් පළ කළා. 
 

හෙට (29) දිනයේ මවුපියන් සඳහා විශේෂ දේශනයක් මෙන්ම දෙදින නේවාසික කඳවුර සඳහා සහභාගී වූ දරු දැරියන්ගේ විසිර යාමේ උත්සවයද පැවැත්වීමට නියමිතයි.

.........................................................................................................................

 

 යූ ආර් අ ලීඩර් වැඩමුළුව සාර්ථකව දෙවන දිනයටත්

(28-07-2018 13:56)

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලිඩර් නායකත්ව පුහුණූ හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 29 වැන්න  උඩවලව මහා විද්‍යාලයේදී මේ වනවිට පැවැත්වෙනවා.

දෙදින නේවාසික කදවුරේ දෙවන දිනය වන අද දිනයේද ඊට එක්ව සිටින දරු දැරියන් කි‍්‍රයාකාරකම් රැුසකට එක්වුණා. ඒ පිළිබද සිසු දරු දැරියන් කිහිප දෙනෙකු සිය අත්දැකීම් විස්තර කළේ මෙලෙසයි.


අපට දිර්ඝකාලින අවශ්‍යතාවයක් තිබුනා සමාජ සත්කාරයෙන් එහා දෙයකට සම්මාදම් වෙන්න. ඒ අනුව තමයි අපි නෙත් එෆ් එම් සමග එකතු වෙලා මේ දරුවන්ගේ හැකියාවන්, දක්ෂතාවයන්, සංඛ්‍යාතයන් දියුණු කරන්න මේ වැඩසටහනට දායක වන්න අප තීරණය කලේ යනුවෙන් මෙම වැඩසටහන සම්බන්ධයෙන් ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමණාකරු, මූල්‍ය හා සැලසුම්, විපුල ජයබාහු අදහස් දක්වමින් කියා සිටියා.

...............................................................................................................

 යූ ආර් අ ලීඩර්  දෙදින නේවාසික කඳවුර ඇරඹෙයි

(27-07-2018 17:44)

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලිඩර් නායකත්ව පුහුණූ හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ 29 වැන්න උඩවලව මහා විද්‍යාලයේදී මේවනවිට පැවැත්වෙනවා. එහි ගිනිමැළ සංදර්ශනය තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතයි. 

මේ අතර අද (27) උදෑසන පැවැති කි‍්‍රයාකාරකම් සඳහා දරුදැරියන් මහත් උද්යෝගයකින් සහභාගී වුණා. සිසුන් කිහිපදෙනෙකු සිය අත්දැකිම් පිළිබඳ නෙත් නිවුස් වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.

අද (27) රාති‍්‍රයේ දරුදැරියන් සඳහා විශේෂ රසවින්දනාත්මක වැඩසටහනක්ද පැවැත්වීමට නියමිතයි.
.....................................................................................................................................................

උඩවලව මහා විද්‍යාලයේ පැවැත්වෙන නෙත් නිව්ස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ දෙදින නේවාසික කඳවුර අද (27) අළුයම ආරම්භ වුණා. ඒ, ඊට සහභාගි වන සිසුන් ලියාපදිංචි කිරීමෙන් අනතුරුවයි.

දෙදින නේවාසික කඳවුරට එක්වන උඩවලව මහා විද්‍යාලයේ සිසුන් අද දිනයේ විවිධ කි‍්‍රයාකාරකම් සදහා සහභාගිවීමට නියමිතයි.
 

------------------------------------------

යු ආර් අ ලීඩර් 29 වැන්නේ පළමු දිනය සාර්ථකව අවසන්

26-07-2018 19:44

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ 29 වැන්නේ පළමු දිනය උඩවලව මහා විද්‍යාලයේදී අද (26) සාර්ථකව අවසන් වුණා. අද දිනයේ පාසලේ ගුරුවරුන් සඳහා විශේෂ දේශනයක් පැවැත්වුණා. 

උඩවලව මහා විද්‍යාලයේදී ඉහළ ශ්‍රේණිවල සිසුන් සඳහා විභාග ජය ගැනීමේ මග පිළිබඳ දේශනයක්ද පැවැත්වුණා. මෙහි දෙදින නේවාසික කඳවුර හෙට අලූයම ආරම්භ වීමට නියමිතයි.
 

----------------------------------

යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 29 වැන්න ඇරඹෙයි

26-07-2018 12:44

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 29 වැන්න අද (26) ආරම්භ වුණා.

ඒ, උඩවලව මහා විද්‍යාලයේදීයි.

මෙම වැඩසටහන පිළිබඳ අදහස් දැක්වූ ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විකුණුම් සහ හැසිරවීම්) සී. අමරසිංහ සඳහන් කළේ "තරුණ කණ්ඩායම් නිවරැදිව සමාජ ගත කිරීමේ වගකීමක් අප සතුවන බැවින් නෙත් එෆ්. එම් රේඩියෝව මේ සඳහා සිදුකරන වැඩසටහන ඉතාමත්ම සාර්ථකව දියත් වෙන බව පෙනෙන්නට ඇති බවයි." යනුවෙනි.