වසර 100 ක් තුළ දැකිය හැකි දීර්ඝතම පූර්ණ චන්ද්‍රග‍්‍රහණයක් අද දිස්වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂක මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ 21 වන සියවසේ දීර්ඝතම පූර්ණ චන්ද්‍රග‍්‍රහණය ද මෙය බවයි.
පෘථිවි වායුගෝලයේ පවතින දූෂණ තත්ත්වය හේතුවෙන් මෙම චන්ද්‍රග‍්‍රහණය රතු පැහැයකින් දිස්වන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
ශ‍්‍රී ලංකාව ඇතුළු ලොව බොහෝ රටවලට මෙය දිස්වන අතර එය හොඳින්ම දිස්වන්නේ ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට පමණක් වීමද විශේෂත්වයක්. මෙය පියවි ඇසින් නැරඹීමෙන් කිසිදු හානියක් නොවන බවයි මහාචාර්ය චන්දන ජයරත්න නෙත් නිවුස් වෙත වැඩිදුරටත් සදහන් කළේ.