යාපනයේ කිසිඳු කඳවුරක් ඉවත් කර හෝ සෙබළුන් ප්‍රමාණය අඩු කිරීමක් සිදු කර නොමැති බව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි පවසනවා. කඩවත ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
යාපනයේ සමහර දේශපාලකයින් කියනවා යුධ හමුදාව අයින් කරන්න ඕනේ කියලා. නමුත් තමන්ට වගකීමෙන් කියන්න ඕන යාපනේ ජනතාව සිටින්නේ හමුදාවත් සමගයි. ඒ වගේම වගකීමෙන් කියන්න ඕන යාපනේ ආරක්ෂාව සම්බන්ධයෙන් පමණක් නොවෙයි රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිවෙකුත් බිය විය යුතු නැහැ. මොනයම් හෝ සිදුවීමක් ඇතිවුවහොත් පැය 48 ක් ඇතුලත එය පාලනය කිරීමට හැකියාව හමුදාව සතු බවයි යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.