Friday, December 27, 2024

General line - 0115112241

බුලත්සිංහල දෙකෝටියේ මංකොල්ලයට රියදුරු සහ ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට

දිනුක් හේවාවිතාරණ




හොරණ, බුලත්සිංහල ප්‍රදේශයේදී ඊයේ (28) සවස ATM යන්ත්‍ර සදහා තැන්පත් කිරීමට මුදල් රැගෙන යමින් සිටියදී මංකොල්ලකරුවන් විසින් මංකොල්ලකන ලද මුදල් වල මුළු වටිනාකම රුපියල් දෙකෝටි විසිහතර ලක්ෂ පනස් හය දහසක් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කරනවා.

මෙම මුදල් මංකොල්ලය සම්බන්දයෙන් මුදල් රැගෙන ගිය වැන් රථයේ රියදුරු සහ ආරක්ෂක නිලධාරියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

............................................................................................................................................

මිරිස් කුඩු ගසා රුපියල් කෝටියක මුදලක් මංකොල්ලකයි

(29-07-2018 04:34)

හොරණ, පහළ නාරගල ප්‍රදේශයේදී ATM යන්ත්‍රවල තැන්පත් කිරීම සදහා මුදල් රැගෙන යමින් සිටි රුපියල් කෝටියකට අධික මුදලක් මංකොල්ලකෑම සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද දුරකථන ඇමතුමක් අනුව බුලත්සිංහල පොලිසිය මෙම විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනවා.

මෙම මුදල් රැගෙන ගිය පිරිස වැන් රථය කඩයක් අසල නවතා ආහාර ගනිමින් සිටියදී ජීප් රථයකින් පැමිණි මංකොල්ලකරුවන් මුහුණු වලට මිරිස් කුඩු ගසා වැන් රථයේ තිබු මුදල් පැහැරගෙන ගොස් ඇත.

වැන් රථයේ ආරක්ෂාව සම්බන්ධයෙන් භාරව සිටි නිලධාරියා කොල්ලකරුවන්ට සිය ඉලක්කය සපුරා ගැනීමට පහසු වන අයුරින් සිය ගිනි අවියද බැහැර කර තිබී ඇති අතර මංකොල්ලකෑමට ආධාර අනුබල දීමට සැකපිට ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් අදාළ ආරක්ෂක ආයතනයේ කලමනාකාරිත්වයේ යම් දැනුවත් වීමක් තිබුනේද යන්න සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.