Friday, December 27, 2024

General line - 0115112241

මන්ත්‍රිවරුන් දෙදෙනෙකුගේ නිවාස තුළට ඇතුළු වූ සැකකරු ගැන අලුත් සැකයක් (UPDATE)

හේමන්ත කහවලගේ




පාර්ලිමේන්තු මන්තී‍්‍ර අරුන්දික ප‍්‍රනාන්දුගේ මාදිවෙල පිහිටි මන්තී‍්‍ර නිවාසයට බීමතින් ඇතුළු වූ පුද්ගලයා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක‍්‍රිෂ්ණන්ගේ රියදුරා බව අනාවරණ වුණා.

අද (29) අලූයම පොලීසිය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගැනුණු අතර එහිදී සැක පළ කෙරුණේ ඔහු සොරකමේ පැමිණ ඇති බවටයි.

පාර්ලිමේන්තු මන්ති‍්‍ර රංජිත් ද සොයිසාගේ නිවෙසටද සැකකරු ඇතුළු වී තිබුණා.

සැකකරුගේ ජංගම දුරථකනය සිය නිවෙසේ පිටුපස තිබී සොයා ගත් බවයි පාර්ලිමේන්තු මන්ති‍්‍ර රංජිත් ද සොයිසා පැවසුවේ. මොහු මෙලෙස නිවාස තුළට ඇතුළු වීම ඝාතන ප‍්‍රයත්නයක්දැයි සැක බවද මන්තී‍්‍රවරයා සඳහන් කළා. 

මෙම සිදුවිම පිළිබඳ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාකි‍්‍රෂ්ණන්ගෙන්ද නෙත් නිවුස් විමසීමක් කළා. එහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සිය රියදුරා සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස තමන් පොලීසියට දැනුම් දුන් බවයි.

--------------------------------

හොරෙන් පැන්නේ රාජ්‍ය ඇමතිවරයෙකුගේ රියදුරා බවට හඳුනා ගැනේ (UPDATE)

(29-07-2018 08:21)

 

මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ නිවාස සංකීර්ණයට ඇතුළු වූ රාජ්‍ය ඇමතිවරයෙකුගේ බව පැවසූ සැකකරුව හඳුනගෙන තිබෙනවා.

මොහු බීමත්ව මෙලෙස මන්ත්‍රි නිවාස සංකීර්ණයට ඇතුළු වී තිබූ අතර ඔහු රාජ්‍ය අමාත්‍ය වී රාධාක්‍රිෂ්ණන්ගේ රියදුරා බවටයි හඳුනාගෙන ඇත්තේ.

---------------------------

මන්ත්‍රි නිවාස සංකීර්ණයට හොරෙක් පනී

(29-07-2018 06:47)

 

මාදිවෙල මන්තී‍්‍ර නිවාස සංකිර්ණයේ සොරකම් සඳහා පැමිණි පුද්ගලයෙකු එහි ආරක්ෂක කටයුතුවල නිරත පොලිස් නිලධාරීන් විසින් අද (29) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් දෙදෙනෙකුගේ නිවාස වලට ඇතුළු වී ඇති බවයි පොලීසිය පැවසුවේ. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර අරුන්දික ප‍්‍රනාන්දුගේ නිවෙසට ඇතුලු වූ සැකකරු පසුව රංජිත් ද සොයිසා මන්තී‍්‍රවරයාගේ නිවෙසටද ඇතුළු වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ සමීපතමයෙකු බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. ඔහු වැඩිදුර විමර්ශන සඳහා මිරිහාන පොලීසිය වෙත භාර දී තිබෙනවා.