Friday, December 27, 2024

General line - 0115112241

'ආවා කල්ලියට' සහය දුන්නා කියා 'අයි කල්ලිය' ව්‍යාපාරිකයා කපා කොටා යයි

දිනසේන රතුගමගේ




යාපනයේ ''ආවා'' කල්ලියට සහය දුන් බවට සැක කරමින් ව්‍යාපාරිකයෙකුව ඊයේ  (28) රාත්‍රියේ  යාපනයේ මේ දිනවල ක්‍රියාත්මක වෙමින් ඇති ''අයි කල්ලියේ'' සාමාජිකයින් පිරිසක් විසින් කඩූවලින් කපා තුවාල සිදුකොට තිබෙනවා.

මේ සිද්ධිය සිදුව ඇත්තේ යාපනයේ කයිතඩි උතුරු ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි  8.30 ට පමණයි.

තුවාලකරු චාවාකච්චෙරි  රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බැවින් යාපානය ශීක්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

කයිතඩි උතුරු ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් හතර දෙනෙකු ඊයේ රාත්‍රියේ ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථාන වසා දමා නිවෙස්වලට යාමට සූදානමින් සිටි අවස්ථාවේදී යතුරුපැදිවල නැගී පැමිණි අට දෙනෙකු ව්‍යාපාරිකයින්ට කඩුවලින් ප්‍රහාර එල් කර තිබෙනවා.

ව්‍යාපාරිකයින් තුන් දෙනෙකු වසා නොතිබුණු වෙළෙද සැලක් තුළට පැනගොස් ප්‍රහාරවලින් බේරී ඇතත් එක් අයෙකු කල්ලියේ ග්‍රහණයට නතු වී තිබෙනවා.

වෙළෙද සැළ තුළ සිටි ව්‍යාපාරිකකයින් විසින් 119 හදිසි පොලිස් ඇමතුම් අංකයට දැනුම්දීමෙන් කඩිනමින් එම ස්ථානයට පොලිසිය පැමිණ තිබෙනවා. ඒත් සමගින් ප්‍රහාරයට පැමිණි පිරිස් පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.