Friday, May 3, 2024

General line - 0115112241

කොකාවිල් වනයේ දැවැන්තයා මතුවෙයි (PHOTOS)

මාධව කුලසූරිය/දිනසේන රතුගමගේ




කිලිනොච්චිය, කොකාවිල් රක්ෂිතයේ ජිවත්වල දළ ඇතා ඊයේ (28) සවස යාපනය - නුවර  A9 මාර්ගය අසළට පැමිණ සිටි බව ප්‍රදේශවාසීන් පැවසුවා.

අදාළ හස්තියා කොකාවිල් රක්ෂිත සීමාවේ ජිවත්වන බව ප්‍රදේශවාසීන් මීට පෙර කියා සිටියා.

අඩි තුනක පමණ දිගින් යුතු හොඳින් වැඩුණු ඇත්දල යුගලක් සහිත මෙම හස්තියාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වනජීවි නිලධාරීන් පියවර ගත යුතු බවයි ප්‍රදේශවාසීන් වැඩි දුරටත් සඳහන් කරන්නේ.

හස්තියා මෙලෙස විවෘත ස්ථාන කරා පැමිණීමෙන් හස්තියාට දඩයම්කරුවන්ගෙන් අවධානය යොමු විය හැකි බවද පෙන්වා දුන්නා.