Friday, December 27, 2024

General line - 0115112241

රතන හිමි අලුත් ජනපතිවරයෙක්ට සැළසුම් හදයි

කසුන් කැළුම්/දිල්ශාන් තුෂාර




මීළඟ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට අවශ්‍ය ප‍්‍රතිපත්ති සකස් කර ඒ සඳහා ජනමතයක් ගොඩනැගීම තම අපේක්ෂාව බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධූරයෙන් ඉවත් වීමට තමන් ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන් වහන්සේ මේ බව සඳහන් කළා.

එහිදී සඳහන් කෙරුණේ "පසුගිය ආණ්ඩුව කරපු වැරදි ටිකම තමයි මේ ආණ්ඩුව කරගෙන ගියේ..මම හිතන්නේ ඉදිරි ජනාධිපතිවරයා මේ රටට ආදරය කරන..තිරසාර සංවර්ධනය මත දෙපා දැඩිව තබාගත්..ජනතාවගේ දුප්පත්කම ඇස්දෙකෙන් දැක්ක..ප්‍රබුද්ධ නායකයෙක් විය යුතුයි. මේ ආණ්ඩුව කොච්චර වැරදි කරලා තියෙනවාද කියනවා නම් පසුගිය ආණ්ඩුව කරපු සියලු වැරදි ටික ඒකෙන් වැහිලා ගිහිල්ලා." යනුවෙනි.

රට පත්ව ඇති මූල්‍ය අර්බුධයෙන් ගොඩ ඒමට නම් ජාතික මණ්ඩලයක් හරහා සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කර තීරණයක් ගත යුතු බවයි උන් වහන්සේ මෙහිදී සඳහන් කළේ.