Tuesday, January 14, 2025

General line - 0115112241

සිය පක්ෂය බලය ගත්විට නොකරන දෙයක් බැසිල් කියයි

ජූඩ් සමන්ත




වර්තමාන රජය විසින් ආරම්භ කර ඇති විශේෂ අධිකරණ කිසිවක් ඉදිරියේදී තම පක්ෂය විසින් පිහිටුවන රජයක් යටතේ පවත්වා ගෙන නොයන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසුවා.

නාත්තන්ඩිය නගර ශාලාවේ පැවති පොදු ජන පෙරමුණ පක්ෂයේ රැස්වීමකදී හෙතෙම මේ බව කියා සිටියා.

තව දුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා සඳහන් කළේ වත්මන් රජය කරන වැරදි කිසිවක් තම පක්ෂය විසින් පිහිටුවන රජයක් යටතේ සිදු නොකරන බවත්, කිසිවෙකු වැරදි කළ පමණින් ඒ වැරදි කිරීමට තම පක්ෂය සුදානම් නැති බවයි.