Friday, December 27, 2024

General line - 0115112241

අගෝස්තු 03 වනදා වර්ජනය වෛද්‍යවරුන් ස්ථීර කරයි

හරිත පෙරේරා




එළඹෙන සතියේදී තම සංගමය සිදු කරන වර්ජනය හුදෙක් වෛද්‍යවරුන්ගේ ගැටළුවක් පදනම් කරගෙන සිදු කරන්නක් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

සිංගප්පූරු ගිවිසුම මෙන්ම වෛද්‍යවරුන්ට අදාළව නොවිසඳුණු ගැටළුවලට විරෝධය පළ කරමින් මෙම වර්ජනය සම්බන්ධයෙන් සත්‍ය කරුණු රෝගීන් හමුවේ තබන බවයි ඔවුන් අවධාරණය කළේ.

යෝජිත වර්ජනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කලත් මේ දක්වා කිසිදු බලධාරියෙක් ගෙන් කිසිදු සාධනීය ප්‍රතිචාරයක් ලැබී නැති බැවින් පෙර සැලසුම් කළ පරිදි වැඩවර්ජනය සිදුකිරීමට තීන්දු කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් සදහන් කර සිටියා.

වර්ජනය ක‍්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ද වෛද්‍ය නලින්ද හේරත් කරුණු පැහැදිලි කළා.


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලීන්ද හේරත් මෙම අදහස් පළ කළේ කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවකදීයි.