දේශපාලනයට වුවමනා ලෙස හමුදාව පාලනය කිරීමට වත්මන් රජය යටතේ ඉඩක් නැති බව අමාත්‍ය කබීර් හෂීම් පවසනවා.
මාවනැල්ල ප්‍රදේශයේ දහම් පාසල්, ක්‍රීඩා සංගම්, ස්වයං රැකියා ලාභීන් මෙන්ම ආඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ආධාර ලබා දීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
අමාත්‍ය කබීර් හෂීම් එහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේ මෙරට හමුදාවට ඕනෑම තැනකට යෑමේ සහ ඒමේ අයිතිය ලබාදී ඇති බවයි. ඒ අනුව දේශපාලනයෙන් එය පාලනය කර නොහැකි බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.