දෙහිවල ටෙරස්න් පාර ප්‍රදේශයේ නිවසක් තුළ තිබී හෙරොයින් ග්‍රෑම් 886ක් අඩංගු පාර්සලයක් හමු වී තිබෙනවා.
දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අදාළ නිවස පරීක්ෂා කර ඇති අතර එහිදී මෙම හෙරොයින් පාර්සලය සොයා ගැනුණා.
මෙම නිවස විදේශික කාන්තාවක් විසින් කුලියට ගෙන ඇති අතර අදාළ අවස්ථාවේ ඇය නිවසේ සිට නැහැ. ඇයගේ බෑගයක් තුළ තිබී මෙම මත්ද්‍රව්‍ය පාර්සලය සොයාගෙන ඇති අතර සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.