ලබන වසර වනවිට මෙරට දුම්වැටි අලෙවිය නතර කළ නගර සංඛ්‍යාව 200ක් දක්වා වැඩිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විශ්වාසය පළ කරනවා.
දැනටමත් දිවයින පුරා නගර සියයක් දුම්වැටි අලෙවිය නතර කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
දුම්වැටි සහ දුම්කොළ පාලනයට ගත් විවිධ කි‍්‍රයාමාර්ග ඊට හේතු වී තිබෙනවා.
නව ක‍්‍රියාමාර්ග හේතුවෙන් දුම්වැටි බිලියනයක් අලෙවි වීම අඩු වී ඇතැයි දුම්කොළ සමාගම් වාර්තාවල ද සඳහන් වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවා. ඒ, ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ 83 වන වාර්ෂික සැසිවාරයට එක්වෙමින්.