Friday, December 27, 2024

General line - 0115112241

රන්ජන්ගේ නඩුවට අදාළ කෙටුම්පත් ආඥාවක් බාර දෙයි

අධිකරණ වාර්තාකරු




නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් අධිකරණ පද්ධතියට හා නීතිඥයන්ට අපහාසයක් සිදු කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කෙටුම්පත් ආඥාවක් නීතිපතිවරයා විසින් අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය කටයුතු නොකළ යුත්තේ මන්ද යන්න රන්ජන් රාමනායකගෙන් කරුණු විමසමින් එම කෙටුම්පත් ආඥාව අද නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරුණු ලැබුවා.

ඒ සම්බන්ධයෙන් අධිකරණය සෑහීමකට පත් වන්නේ නම් ආඥාව රන්ජන් රාමනායකට මීළඟ දින කියවා දීමට නියමිතයි. මෙම නඩුව යළි අගොස්තු 08 වැනිදා කැඳවීමට නියම කෙරුණා.

පසුගිය වසරේ අගොස්තු මස 21 දා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශය තුළින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් වී ඇති බව නීතිපතිවරයා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ මෙම පෙත්සම් මාගල්කන්දේ සුදන්ත හිමි ඇතුළු පාර්ශ්වයන් දෙකක් විසින් ගොනු කර තිබුණා.