Tuesday, May 7, 2024

General line - 0115112241

පරාජයේ වාර්තා මකා දමන බව මැතිව්ස් කියයි

සමන්ත කුමාර/කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




දකුණු අප‍්‍රිකාව හමුවේ පිට පිට එක්දින ක‍්‍රිකට් තරග 09කින් ලද පරාජයේ වාර්තාව මකා දමමින් හෙට (01) දඹුල්ලේ දී පැවැත්වෙන දෙවන එක්දින තරගය ජය ගැනීම සිය අපේක්ෂාව බව ශ‍්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. දඹුල්ලේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. 

පළමු තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් නිසි ලෙස තමන්ගේ වගකීම ඉටු කලේ නැහැ. කොහොම උනත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පිතිකරුවන් ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් ගැන අධ්‍යනය කරලා දැන් ඔවුන් සැලසුමකට අනුව ක්‍රීඩා කරන බව පෙනී යනවා යැයි මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වැඩිදුරටත් කියා සිටියා.