Tuesday, April 30, 2024

General line - 0115112241

කෝටියකට අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් සහ රන් ආභරණ තොගයක් කටුනායකදී රේගු භාරයට (PHOTO)

ටී කේ ජී කපිල - කටුනායක




නීතිවිරෝධීව රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එහි වටිනාකම රුපියල් එක් කෝටි හැට එක් ලක්ෂ හයසිය හතලිස් හයක් බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න පැවසුවේ. අත්අඩංගුව ගැනුණු ඉන්දීය ජාතිකයා 44 හැවිරිද වියේ පසුවන කේරළ ප‍්‍රාන්තයේ පදිංචිකරුවෙක්. 

ඔහු විසින් රැගෙන ආ කුඩා සේප්පුවක රන් බිස්කට් දෙක සහ විදුලි බලයෙන් කි‍්‍රයාත්මක වන බල මෙවලමක් තුළ ස්වර්ණාභරණ තොගය සූක්ෂම ලෙස සඟවා තිබූ බවයි රේගු නිලධාරීන් පැවසුවේ. ඒවායේ බර කිලෝ ග‍්‍රෑම් 05 යි ග‍්‍රෑම් 514ක්.