Tuesday, April 30, 2024

General line - 0115112241

එංගලන්තය සමග ටෙස්ට් ගැටුමේදී ඉන්දියාව පරදීයි

ඩිල්ෂාන් මඩවල /කසුන් කැලුම්




ඉන්දියාව සමග පැවැත්වෙන තරග 5 කින් යුත් ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 31 න් ජයගැනීමට එංගලන්තය අද (04) සමත් වුණා. මෙම තරගය පැවැත්වුණේ එංගලන්තයේ බර්මින්හැම් නුවරදීයි. 

තරගය ජයගැනීම සදහා ඉන්දීය කණ්ඩාමට දෙවන ඉනිමේදී ලකුණු 194 ක ඉලක්කයක් හිමි වුණා. එහෙත් සියළු දෙනා දැවී ඔවුන් රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 162 ක් පමණයි.

............................................................................................................................

ඉන්දියාවට ලකුණු 194 ක ඉලක්කයක් 

(04-08-2018 14:09)

එංගලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ ජයග‍්‍රහණය සඳහා සංචාරක ඉන්දීය කණ්ඩායමට ලකුණු 194 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හිමිව තිබෙනවා. එම ඉලක්කය හඹා යන ඉන්දීය කණ්ඩායම ඊයේ (03) දිනය නිමාවන විට කඩුළු 05ක් දැවී ලකුණු 110 ක් රැස් කර සිටියා. 

එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 287ක් රැස් කළ අතර ඔවුන්ගේ දෙවෙනි ඉනිම ලකුණු 180කට සිමාවුණා. ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා රැස් කළ ලකුණු සංඛ්‍යාව 274ක්. බර්මින්හැම් නුවර පැවැත්වෙන මෙම තරගයේ සිව්වන දිනය අදයි.