Tuesday, April 30, 2024

General line - 0115112241

හෙට ශිෂ්‍යත්ව විභාගය : බලංගොඩ දරුවා අතුරුදහන්වී අදට දින 15 යි

දිල්ශාන් තුෂාර




5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට හෙට පෙනී සිටිමට නියමිතව සිට ඉකුත් 20 වනදා අතුරුදන් වූ බලංගොඩ සහන් කුමාර ධර්මසිරි දරුවා පිළිබද කිසිදු හෝඩුවාවක් මෙතෙක් හමුවී නැහැ.

පොලීසිය පවසන්නේ දරුවා අතුරුදන් වූ දින සිට මේ දක්වාම විමර්ශන අඛණ්ඩව සිදුකරන බවයි. මෙම විමර්ශන සදහා බුද්ධි අංශවල ද සහාය ලබාගෙන තිබෙනවා. අතුරුදන් වූ දරුවා බලංගොඩ, සමනලවත්ත විද්‍යාලයේ ශිෂ්‍යයෙක්.