Tuesday, April 30, 2024

General line - 0115112241

වැරදි හදාගෙන හෙට තරගයට එන හැටි මැතිව්ස් කියයි

කමල් සුරවීර / හේරත් ඒකනායක




මුල් තරගවල සිදුවූ අඩුපාඩු නිවැරදි කර ගනිමින් දකුණු අපි‍්‍රකාව සමග හෙට (05) පැවැත්වෙන තරගයට සහභාගි වන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකා එක්දින කි‍්‍රකට් තරගාවලියේ තුන්වන තරගයයි හෙට පැවැත්වීමට නියමිතව ඇත්තේ. 

ඒ පිළිබද කරුණු දැක්වීමට අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී ඇන්ජලෝ මැතිව්ස් මෙම අදහස් පළ කළා.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම එක්දින තරගවලදී මෑතදී දක්වන පසුබෑම පිළිබදවද මාධ්‍යවේදීන් මෙහිදී ප‍්‍රශ්න කළා.

ශී‍්‍ර ලංකා දකුණු අපි‍්‍රකා එක්දින කි‍්‍රකට් තරගාවලිය තරග 5 කින් සමන්විතයි. පළමු තරග දෙකම දකුණු අපි‍්‍රකාව ජයගත්තා. ඒ අනුව තරගාවලිය ජය ගැනීම පිළිබද තවදුරටත් බලාපොරොත්තු තබා ගැනීමට නම් හෙට පැවැත්වෙන තරගය ශී‍්‍ර ලංකාව අනිවාර්යයෙන් ජයගත යුතුයි.