Monday, April 29, 2024

General line - 0115112241

මන්තී‍්‍ර වැටුප් වැඩි කිරීමට අනුමැතිය නොදෙන බව ජනපති කියයි

මහේෂ් කීර්තිරත්න




මන්තී‍්‍ර වැටුප් වැඩි කිරීම සදහා තමන් අනුමැතිය ලබා නොදෙන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ පොළොන්නරුවේ පැවති උත්සවයකදීයි.

මේ අතර මන්තී‍්‍ර වැටුප් වැඩි කිරීමේ යෝජනාව මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී ඉකුත් 2006 වසරේදී ගෙනආ නීතියක ප‍්‍රතිඵලයක් බව අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ මාතලේ අද (04) පැවති උත්සවයකදීයි.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන්ද විමසීමක් කළා. මේ, එහි මහලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස.

මේ අතර අමාත්‍ය රාවුෆ් හකීම් පවසන්නේ මන්තී‍්‍ර වැටුප් වැඩි කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවයි. එවැනි යෝජනාවක් පිළිබද තමන්ද දැනගත්තේ ජනමාධ්‍යයෙන් බව නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.