Tuesday, April 30, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව ළමුන්ට බඹර ප්‍රහාරයක් : ළමුන් 84 ක් රෝහලේ

දිනුක් හේවාවිතාරණ




හෙට (05) පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගයට ආශිර්වාද ලබා ගැනීම සදහා පැවති බෝධි පුජාවක් අතර වාරයේදී එහි සිටි සිසුන් හා වැඩිහිටියන් පිරිසකට එල්ලවූ  බඹර ප්‍රහාරයකින් පුද්ගලයින් 136 දෙනෙක් තුවාල ලබා ඇති බව පොලිසිය සදහන් කරනවා.

පදවිය, ඒ යාය ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ අද (04) සවස පැවති බෝධි පුජා පිංකමක් අතර වාරයේදී මෙම බඹර ප්‍රහාරය එල්ලවී තිබෙනවා.

බඹර ප්‍රහාරයට ගොදුරු වූ දරුවන් සහ වැඩිහිටියන් පදවිය මුලික රෝහලට වෛද්‍ය ප්‍රතිකාර සදහා ඇතුලත් කර ඇති අතර ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව ළමුන් 44 දෙනෙක් සහ වැඩිහිටියන් 14 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

පදවිය මුලික රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි පුබුදු රණවීර nethnews.lk වෙත ප්‍රකාශ කර සිටියේ මේ වන විට තවත් ළමුන් 40 දෙනෙක් සහ වැඩිහිටියන් 38 දෙනෙක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි. වෛද්‍යවරයා සදහන් කලේ අවශ්‍ය ප්‍රතිකාර මේ වන විට සිදුකරමින් පවතින බවත් හෙට දිනයේදී ළමුන්ට විභාගයට පෙනී සිටීමට හැකි වනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවයි.