Wednesday, May 1, 2024

General line - 0115112241

කි‍්‍රකට් තේරීම් කමිටුවෙන් තවත් හාස්‍යජනක තේරීමක්

කසුන් කැලුම්




සංචාරක දකුණු අපි‍්‍රකානු නැගී එන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා ජාතික කණ්ඩායම නියෝජනය කළ කී‍්‍රඩකයින් අට දෙනෙකු ශී‍්‍ර ලංකා නැගී එන කණ්ඩායමට කැදවා ඇතැයි වාර්තා වනවා. ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න සහ දසුන් ශානක යන ජාතික කණ්ඩායම නියෝජනය කළ කී‍්‍රඩකයින්ද ඊට ඇතුළත් කිරීම හාස්‍යජනක කරුණක් බවයි කි‍්‍රකට් විචාරකයින් පෙන්වා දෙන්නේ. 

ශී‍්‍ර ලංකා නැගී එන කණ්ඩායමට නම් කර ඇති ජාතික කණ්ඩායම නියෝජනය කළ සෙසු කී‍්‍රඩකයින් වන්නේ සධීර සමරවික‍්‍රම, අසිත ප‍්‍රනාන්දු, අමිල අපොන්සු, ජෙෆ්රි වැන්ඩර්සේ, බිනුර ප‍්‍රනාන්දු සහ ෂෙහාන් මධුසංඛයි. එම කී‍්‍රඩකයින් යොවුන් කි‍්‍රඩකයින් බැවින් ඔවුන් නැගී එන කණ්ඩායමට ඇතුළත් කිරීම ගැටලූවක් නොවන බවයි හිටපු කී‍්‍රඩකයින්ගේද අදහස වී ඇත්තේ. කෙසේ වෙතත් දිනේෂ් චන්දිමාල් සහ දිමුත් කරුණාරත්න වැනි ජ්‍යෙෂ්ඨයන් ඊට ඇතුළත් කිරීම පිළිගත නොහැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

දකුණූ අපි‍්‍රකානු නැගී එන කණ්ඩායමේ සිටින කිසිදු කි‍්‍රඩකයෙකු ජාතික කණ්ඩායම නියෝජනය කර නොතිබීමද විශේෂත්වයක්. 
දකුණු අප‍්‍රිකා සහ ශී‍්‍ර ලංකා නැගී එන කණ්ඩයාම් අතර එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. පළමු එක්දින තරගය ලබන 9 වැනිදා රංගිරි දඹුලූ ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.