Monday, April 29, 2024

General line - 0115112241

එංගලන්තයේදී වසර 100ක ක්‍රිකට් ඉතිහාසය මතක් වෙන්න ඉන්දියාවට පහර වදී (VIDEO)

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය හමුවේ ලැබූ දැවැන්ත පරාජය ටෙස්ට් ක‍්‍රිකට් වාර්තා අලූත් කර තිබෙනවා.

දෙරට අතර පැවති දෙවන ටෙස්ට් තරගය අවසන් වුයේ පන්දුවාර 170යි පන්දු 03කින්. එය වසර 100ක ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ එංගලන්තයේදී තරගයක් නිමා වූ දෙවන අඩුම පන්දුවාර සංඛ්‍යාවයි.

මෙම තරගයේදී ඉන්දීය කණ්ඩායම එංගලන්තය හමුවේ ඉණිමකින් සහ ලකුණු 159කින් පරාජයට පත්වුණා.

එය වාර්තා පොත් අතරට එක්වුයේ විරාත් කෝලි නායකත්වයට පත්වීමෙන් පසු ඉණිමකින් තරගයක් පරාජයට පත්වූ පළමු අවස්ථාව ලෙසයි.

එමෙන්ම ලෝඞ්ස් පිටියේදී ඉන්දීය කණ්ඩායම ඉණිමකින් තරගයක් පරාජයට පත්වී ඇත්තේ වසර 44කට පසුවීමද විශේෂත්වයක්.