Wednesday, May 8, 2024

General line - 0115112241

ජනපතිවරණයට ඉල්ලනවාද? නැද්ද? - සංගක්කාර අවසන් තීරණය කියයි

කසුන් කැලුම්




තමන් දේශපාලනයට පිවිසෙන බවට පළවන වාර්තා පිළිබඳ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප‍්‍රතිචාර දක්වා තිබෙනවා. ඔහු ඉන් දක්වා ඇත්තේ තමන් කිසි දිනෙක දේශපාලනයට ප‍්‍රවිශ්ඨ නොවන බවයි. සංගක්කාර සිය නිල ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනේ සිංහල පරිවර්ථනය මෙසේයි.

" මම දේශපාලනයට පිවිසෙන බවටත්, 2020 දී ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බවටත් විවිධ වාර්තා පළ වී තිබුණා. මම ඒ සියල්ල දැඩි සැලකිල්ලකින් කියෙව්වා. ජනතාව මෙන්ම මාධ්‍යයද මේ සඳහා විවිධ අදහස් පළ කළා. ඇතැම් පිරිස් මා දේශපාලනයට පිවිසිය යුතු බවත්, ජනාධිපති අපේක්ෂකා වීමට සුදුසුම පුද්ගලයා මා බවත් ප‍්‍රකාශ කර තිබුණා.  විවිධත්වයකින් යුත් එම ප‍්‍රකාශ සහ අදහස් පිළිබඳ මා අගය කරනවා. එම සියලූ කටකතා සහ වාර්තාවලට තිත තැබීමට කාලය එළඹ ඇතැයි මා සිතන අතර මා නැවතත් ස්ථිර වශයෙන්ම කියා සිටිනවා දේශපාලනයට පැමිණීමට මට කිසිඳු අවශ්‍යතාවක් හෝ උවමනාවක් නැහැ කියලා. ඒ ගැන මගේ අපේක්ෂාවක් හෝ බලාපොරොත්තුවක්ද නැහැ. මම එය දැඩි විශ්වාසෙකි යුතුව ප‍්‍රකාශ කරන අතර එ ස්ථිරයි."