Wednesday, May 8, 2024

General line - 0115112241

හෙට දවසේ කාලගුණ අනාවැකිය මෙන්න




දිවයිනේ වැසි සහ සුළං තත්ත්වය හෙට (16) දිනනේදීත් තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම සබරගමුව පළාත් වලත් කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසිද කුරුණෑගල මාතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ වැසිද ඇති විය හැක.සෛස ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක වැසි හහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනපුරා, විශේෂයෙන් වයඹ, උතුරු මැද, උතුරු සහ නැනෙනහිර පළාත්වලත් මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.