Friday, May 10, 2024

General line - 0115112241

අධ්‍යාපන ඇමතිගේ සිද්ධිය CIDයට

හේමන්ත කහවලගේ




නිවාඩු මාසවල ගුරුවැටුප් ගෙවීම නතර කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒමේ සූදානමක් ඇති බව දක්වමින් අන්තර්ජාලය හරහා අසත්‍ය ප්‍රවෘත්තියක් ප්‍රචාරය කිරීමට එරෙහිව අධ්‍යාපන අමාත්‍යංශය අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කිරීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චිගේ අත්සනින් යුතු මෙම පැමිණිල්ල මගින් මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක් කිරීමට පියවර ගැනෙනු ඇති.

අධ්‍යාපන අමාත්‍යවරයා විසින් බදුල්ලේ පැවති උත්සවයකදී පැවසූ බව දක්වමින් වෙබ් අඩවි කිහිපයක පළවූ පුවතක් තවත් කණ්ඩායමක් විසින් මුදල් ගෙවා ෆේස්බුක් සමාජ ජාල ඔස්සේ ව්‍යාප්ත කිරීමේ උත්සහයක නිරතවන බව පැහැදිලිව පෙනෙන  බව ද මෙමගින් පෙන්වා දෙනවා.