Friday, May 10, 2024

General line - 0115112241

දළදා පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද

කමල් සුරවීර/හේරත් ඒකනායක




මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (16) වීථි සංචාරය කෙරෙනවා.

ඒ, දින 4 ක් පුරා පැවති සිව් මහා දේවාල පෙරහැර නිම කරමින්.

අද සිට දින 5 ක් කුඹල් පෙරහැර විථි සංචාරය කිරීමට නියමිතයි.

අද පෙරහැර ගමන් ගන්නා මාර්ගය පිළිබද දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල පැහැදිලි කරමින් සඳහන් කළේ "ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන වාහල්කඩින් නික්ම වෙන පෙරහැර කරඬුව දළදා වීථිය ඔස්සේ රැජින හෝටලය අසළට පැමිණ..එතැන් සිට ඩී.එස් සේනානායක වීථියටත්.. පන්සල පාර ඔස්සේ දේව වීථියටත්.. ඒ ඔස්සේ කොළඹ වීථියට පැමිණ යටිනුවර වීථීය දක්වා ගමන් කර රජ වීථියට පැමිණ නැවත ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන වාහල්කඩ කරා පැමිණ ගෙවැදීමෙන් අද දිනයේ පළමු කුඹල් පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතයි." යනුවෙනි.

පෙරහැර මංගල්‍යය සමය තුළ පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය හැකිතාක් අවම කරන ලෙසටයි මෙහිදි ඉල්ලීමක් කෙරුණේ.

මහනුවර ඇසළ මංගල්‍යය සඳහා මෙවරත් නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය නෙත් එෆ්. එම්. රේඩියෝවෙන් ලබාදෙනවා.