Thursday, May 2, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සමග තරග වැදුණු දකුණු අප්‍රිකාවත් කණ්ඩායමේ සංචිතය ගැන තීරණයක් ගනී

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




එළඹෙන ලෝක කුසලානයේ සිය සංචිතය පිළිබඳ පැහැදිළි තීරණයක් ගැනීමට ශ‍්‍රී ලංකාව සමග පැවති එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී හැකි වූ බව දකුණු අප‍්‍රිකාව පවසනවා.

කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ඕටිස් ගිබ්සන් පවසන්නේ සංචිතයේ ක‍්‍රීඩකයින් 15 දෙනාගෙන් දස දෙනෙකුම එහිදී තෝරා ගැණුනු බවයි.

එළඹෙන තරග සංචාර 02න් පසු ලෝක කුසලානයට තරග වදින අවසන් සංචිතය පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවද ඔහු ප‍්‍රකාශ කළා. ශ‍්‍රී ලංකා සංචාරයේ දී නවක ක‍්‍රීඩකයින්ගේ දක්ෂතා ඉස්මතු වූ බවයි දකුණු අප‍්‍රිකානු පුහුණුකරු පවසා ඇත්තේ.