Friday, May 10, 2024

General line - 0115112241

තරුණියකගේ නිරුවත් දර්ශන ෆේස්බුක් දානවා කියූ තරුණයා සහ තරුණියක් කොටු 

දිලීප් නිශ්ශංක




විසි දෙහැවිරිදි තරුණියක් නිරුවතින් නාන දර්ශනයක් ඇතුළත් වීඩියෝවක් ෆේස්බුක් ජාලය වෙත ඇතුළත් කරන බවට තර්ජනය කොට රුපියල් දස දහසක් ලබාගත් බව කියන මීටියාගොඩ ප්‍රදේශයේ මවක හා දියණියෙකු සහ විසි හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය පවසනවා. 

වීඩියෝ දර්ශනය මුහුණු පොතට ඇතුළත් කරන බව පවසා තර්ජනය කර මුදල් ලබාගත් බව කියන තරුණයා සහ තරුණිය මේ මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලපිටිය දිසාවිනිසුරු මහේෂා ද සිල්වා මෙහිදී නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ අම්බලන්ගොඩ මහඅම්බලන්ගොඩ පදිංචි ඩබ්ලිව්. ලක්ෂිත නොහොත් 'ගෝටා' නැමැති 24 හැවිරිදි සැකකරුවෙක් සහ  මීටියාගොඩ පදිංචි අවීෂා එරනවිල යන දෙදෙනායි.

අයිස් නැමති මත්ද්‍රව්‍ය ගැනීමට මුදල් අවශ්‍ය බැවින්  විසි හැවිරිදි තරුණියකට දුරකථනයෙන් කතාකර නිරුවත් දර්ශන ඇතුළත් වීඩියෝවක් තමන් සතුව ඇති බවත් එය අන්තර්ජාලයට මුදාහරින බවත් පවසමින් එසේ නොකිරීමට නම් රුපියල් දසදහසක මුදලක් ඉල්ලා තර්ජනය කර ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරු සහ සැකකාරිය අම්බලන්ගොඩ නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක ගිණුම් අංකයක් ලබා දී එම ගිණුමට මුදල් තැම්පත් කරන ලෙසට පවසා තිබෙනවා. මෙසේ කප්පම් ඉල්ලා ඇති තරුණයා හා තරුණිය ඉමෝ පහසුකම හරහා ඇමතුම් ලබාගෙන හඳුනාගත් දෙදෙනෙකු බවද පොලිසිය පවසනවා.

කප්පම් ඉල්ලූ තරුණියගේ මවගේ බැංකු ගිණුමේ අංකය ලබාදී එම ගිණුමට මුදල් තැම්පත් කරන ලෙසට දන්වා ඇති බවත් අනාවරණය වී තිබෙනවා. අම්බලන්ගොඩ පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත වහා ක්‍රියාත්මක වු මූලස්ථාන පොළිස් පරීක්ෂකවරයාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති මහේෂ් කරුණාරත්න ඇතුළු නිළධාරීන් පිරිස සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගත්තා.