Saturday, May 18, 2024

General line - 0115112241

හොර සංවිධානයක් අටවාගෙන සල්ලි ගැරූ අයෙක් දැලේ

ජූඩ් සමන්ත




ශී‍්‍ර ලංකා මානව හිමිකම් සංවිධානය නමින් ව්‍යාජ සංවිධානයක් පිහිටුවාගෙන මුදල් වංචා කළ බව කියන සැකකරුවෙකු පොළොන්නරුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාරවිල කටුනේරිය ප‍්‍රදේශයේදීයි.

අදාළ සංවිධානයට සාමාජිකයින් බඳවා ගන්නා බව පවසමින් එම සැකකරු විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගෙන ඇති බවට හිඟුරක්ගොඩ ප‍්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු කළ පැමිණිල්ලක් අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. ශී‍්‍ර ලංකා මානව හිමිකම් සංවිධානය මගින් පුත්තලම දිසා ලේකම් කාර්යාලයේ හෝ වෙනත් ස්ථානයක එවැනි සංවිධානයක් ලියාපදිංචි කර නොමැති බව විමර්ශන වලදී අනාවරණ වී තිබෙනවා.