Saturday, May 11, 2024

General line - 0115112241

ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහර අද (UPDATE)

හේරත් ඒකනායක




ශී‍්‍ර දළදා මාළිගාවේ ඇසල මංගල්‍යයේ පෙරහැර දැක බලා ගැනීම සදහා සැදැහැවතුන් සහ විදේශීය සංචාරකයින් බොහෝ දෙනෙකුද මේ දිනවල මහනුවරට පැමිණ සිටිනවා. මෙම ඇසළ මංගල්‍යයේ 3 වන කුඹල් පෙරහැර අද වීථි සංචාරය කිරීමට නියමිතයි. 

ශී‍්‍ර දළදා මාළිගාවේ ඇසල මංගල්‍යය සදහා මෙවරත් නිල රේඩියෝ අනුග‍්‍රහය නෙත් එෆ් එම් රේඩියෝවෙන්.
---------------------------------------------

ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර අද

17-08-2018 08:51

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද (17) වීථි සංචාරය කෙරෙනවා. දින 04ක් පැවති සිව් මහා දේවාල පෙරහැරෙන් පසු පළමු කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරුණේ ඊයේ රාති‍්‍රයේයි. බොහෝ පිරිසක් සැදැහැ සැතින් එම පෙරහැර නැරඹීමට එක්ව සිටියා. 

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය නෙත් එෆ් එම් රේඩියෝවෙන්. 

-------------------------------------------------
ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද - පොලිසියේ 4000ක් මහනුවරට

16-08-2018 17:51

මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ 2018 ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද  (16) පස්වරුවේ වීථි සංචාරය කෙරෙනවා. පස්වරු 6.16ට පෙරහර වීථි සංචාරය ඇරඹීමට නිමිතය.

ඒ වෙනුවෙන් පොලිස් නිලධාරීන් 4000කට වැඩි පිරිසක් රාජකාරි සඳහා යොදවා ඇති බවයි මහනුවර කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර පැවසුවේ.