Thursday, May 16, 2024

General line - 0115112241

අද බස් වර්ජනය අසාර්ථකයි - විභාගයෙන් පසු දැවැන්ත වර්ජනයක්

සමන්ත කුමාර/ ලහිරු කපුගේ/ මහේෂ් චතුරංග




පෞද්ගලික බස් රථ සේවකයින් අද (16) දිනයේ කි‍්‍රයාත්මක කළ වර්ජනය අසාර්ථක බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න අද පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ සිය ඉල්ලීම්වලට ඇහුම්කන් දී බස් රථ සේවකයන් වැඩිපිරිසක් සේවයට වාර්තා කළ බවයි.  

කෙසේවෙතත් බස් රථ සේවකයින්ට බලපාන ගැටලූවලට විසඳුම් නොලැබුණ හොත් අ පො ස උසස් පෙළ විභාගයෙන් පසු වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර මෙම වර්ජනය හේතුවෙන් කොළඹ සිට ගමන් ගන්නා මාර්ග කිහිපයක බස්රථ වල අඩුවක් දක්නට ලැබුණා.