Thursday, May 16, 2024

General line - 0115112241

බස්නාහිර පළාත් මන්ත්‍රීන්ට ලක්ෂ 6 1/2 පුටු ගෙන එන්නේ මනෝ වෛද්‍ය උපදෙසක් නිසාලු

කාංචන කුමාර / අශෝක එරමිනිගම්මන




බස්නාහිර පළාත් සභාවේ මන්තී‍්‍රවරුන්ට රුපියල් ලක්ෂ හයහමාරක් වටිනා පුටු මිලදී ගැනීමට ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් වයඹ පළාත් සභා මන්තී‍්‍ර නාමල් කරුණාරත්න අද (16) විවේචනාත්මක අදහස් පළ කළා. ඒ, දඹුල්ලේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

ඔවුන්ගේ මොලේ තියෙන්නේ පිටි පස්සේ නිසා මොලේ ආරක්ෂා කර ගන්න ලක්ෂ හයාමාරක විතර වටින පුටුවක් ඕනේ කියලා හිතන්න ඇති. සාමාන්‍ය පුටුවක වාඩි උනොත් මොලේ තැලිලා ෂෝට් වෙයි කියලා බයක් ඇති. ඒ නිසා විශේෂ මානසික වෛද්‍යවරුන්ගේ උපදෙස් ලැබෙන්න ඇති මේ වගේ ලක්ෂ හයාමාරක් වටින පුටුවල පස්ස තියන්න කියලා. ඔය පළාත් සභාව රැස් වෙන්නෙත් මාසෙකට දවස් දෙකයි. ඕකෙත් වාඩි වෙලා ඉන්නෙත් පැයක් දෙකක් වගේ කාලයකට. ඉතින් විශේෂ වෛද්‍ය උපදෙස් ලැබිලා තියෙනවනම් අපිටත් ඔය ගැන කිසිම දෙයක් කියන්න බැහැ යනුවෙන් මෙහිදී ඔහු වැඩි දුරටත් සදහන් කර සිටියා.