Sunday, May 12, 2024

General line - 0115112241

බස් සේවක අකුරට වැඩ හොදකට පෙරළෙයි

නිශාන් ද සිල්වා/ ලහිරු කපුගේ




දින දෙකක් කෙරුණු වැඩවර්ජනය අවසන් කර පෞද්ගලික බස්රථවල සේවකයන් ඊයේ (17) මධ්‍යම රාති‍්‍රයේ සිට අකුරට වැඩ කිරීමට පටන්ගත් බව සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමය පවසනවා. එහෙත් වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක් මාර්ගයේ හදුනාගත නොහැකි බවයි ක්‍ෂේත‍්‍ර චාරිකාවන්හි යෙදුණු නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. බස්රථවල සේවකයන් අකුරට වැඩකිරීම යනු කුමක් දැයි මගීන්ද ප‍්‍රශ්න කළා.

ඒ අනුව මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය සිදුවන්නේ කෙසේ දැයි නෙත් නිවුස් සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමයෙන්ද විමසා සිටි අතර එහි ප‍්‍රධාන සංවිධායක යූ කේ කුමාරරත්න රේණුක පැවසුවේ බස්රථවල සේවකයන්ට පවා ඒ පිළිබද පැහැදිලි වැටහීමක් නොමැති බවයි.

මෙහිදී ප‍්‍රකාශ කෙරුණු සියළු කරුණු වෙනත් පාර්ශවයක් විසින් ඉටුකළ යුතු ඒවායි. එහෙත් අකුරට වැඩ කිරීමකදී එම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයට එළඹෙන අය විසින් ඉටුකරන දේ ද තිබෙනවා. බස් රථ සේවකයන් එලෙස කරන්නේ මොනවා දැයි නෙත් නිවුස් මෙහිදි වැඩිදුරටත් ප‍්‍රශ්න කළා. 

ඊට පිළිතුරු දෙමින් යූ කේ කුමාරරත්න රේණුක පැවසුවේ ලොග් පත‍්‍රවල සටහන් තැබීම සහ නිල ඇදුමක් ලබාදී ඇත්නම් එය අනිවාර්යයෙන් ඇද සිටීම වැනි කරුණු බස් රථ සේවකයන් විසින් සිදුකරන බවයි. 

කෙසේවෙතත් රටපුරා බස් ධාවනය මේ දක්වා සාමාන්‍ය පරිදි සිදුවන බව නෙත් නිවුස් නිරීක්‍ෂණය වුණා.
 

---------------------------------------

බස් වර්ජනයේ සැර බාල කරයි

18-08-2018 07:01

දින දෙකක් තිස්සේ සිදුකෙරුණු සිය වැඩවර්ජනය අකුරට වැඩ කිරීම දක්වා ලිහිල් කිරීමට සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමය තීරණය කර තිබෙනවා. ඊට හේතු වූ කරුණු මොනවා දැයි පැහැදිලි කළා එහි ප‍්‍රධාන සංවිධායක යූ කේ කුමාරරත්න රේණුක පෙන්වා දෙන්නේ බස් හිමියන් විසින් එල්ල කරන ලද බාහිර බලපෑම් හේතුවෙන් 80%ක් පමණ තම සංගමය සමග සිටි සේවක පිරිස 40% පමණ දක්වා අඩුව ඇති බවය.

සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමය මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය කැදවා තිබෙන්නේ රථ වාහන වැරදි සම්බන්ධයෙන් වැඩි කෙරුණු ස්ථානීය දඩවලට විරෝධය පළකරමින්. කෙසේවෙතත් වැඩවර්ජනයක් සිදු කෙරුණු ඊයේ සහ පෙරේදා බස් ධාවනයට කැපී පෙනෙන බලපෑමක් සිදුව තිබුණේ නැහැ. ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ කවුරුන් වැඩවර්ජනය කළද වැඩිකළ දඩ අඩු නොකරන බවයි.

මේ අතර ඊයේ සහ පෙරේදා ධාවනය නොකළ බස්රථ මොනවා දැයි කරුණු රැුස් කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති එම් ඒ පී හේමචන්ද්‍ර පැවසුවේ වැඩවර්ජනයේ නිරත වූ සේවකයන් හදුනාගෙන ඔවුන්ට පුහුණු සැසි සංවිධාන කි්රීමටද අපේක්‍ෂා කරන බවයි.