Thursday, May 2, 2024

General line - 0115112241

ආසියානු කී‍්‍රඩා උළෙල අද ඇරඹේ - සුසන්තිකාගෙන් පසු ගෝමස් ගෙන් පෙරලියක්

කසුන් කැළුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




වසර 4කට වරක් පැවැත්වෙන ආසියානු කී‍්‍රඩා උළෙලේ 18 වැන්න ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරදී අද (18) ආරම්භ වනවා. සමාරම්භක උළෙල අද පැවැත්වෙන්නේ ජෙලෝරා බන්කර්නෝ කී‍්‍රඩාංගණයේදීයි.

රටවල් 45ක් නියෝජනය කරමින් කී‍්‍රඩක  කී‍්‍රඩිකාවන් 12,062 ක් මෙවර ආසියානු කී‍්‍රඩා උළෙලට එක් වනවා. කී‍්‍රඩා 40ක් යටතේ පැවැත්වෙන තරග ඉසව් සංඛ්‍යාව 465ක්. මෙවර ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 176 ක්. කබඩි , බර ඉසිලීමේ සහ මලල කී‍්‍රඩා ඉසව්වලින් ශී‍්‍ර ලංකාව වැඩි බලාපොරොත්තු දල්වා සිටිනවා.

මෙතෙක් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා නම් කර නොමැති අතර අද පස්වරුවේ පැවැත්වෙන සමාරම්භක උළෙලේදී ශී‍්‍ර ලංකා ධජය රැගෙන යාමේ වරම පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ලෝකඩ පදක්කම් ලාභී දිනූෂා ගෝමස්ට හිමිව තිබෙනවා. සුසන්තිකා ජයසිංහගෙන් පසුු ආසියානු කී‍්‍රඩා උළෙලක ශී‍්‍ර ලංකා ධජය රැගෙන යන පළමු කී‍්‍රඩිකාවද දිනූෂා ගෝමස්.

මෙවර ආසියානු කී‍්‍රඩා උළෙලේ ආරක්ෂාව සදහා ලක්ෂයකට අධික ආරක්ෂක බලඇණියක් යොදවා සිටිනවා.