Sunday, May 12, 2024

General line - 0115112241

කැළණි ගඟේ ජල මට්ටම ඉහළට - විමසිලිමත් වන්න




කැළණි ගගේ ජලමට්ටම ඉහළ යමින් තිබෙනවා. නෝර්වුඞ් සහ  කිතුල්ගල ජල මාපකයන්ට අනුව ගඟ දෙපස ජනතාව විමසිල්ලෙන් පසුවියුතු වනවා.

 පෙරවරු 9 වනවිට නෝර්වුඞ් ප‍්‍රදේශයේදී කැළණි ගගේ ජලමට්ටම මීටර් 1 .77 ක්. එය මීටර් 2 ක් දක්වා වැඩි වියහොත් සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකියි. කිතුල්ගල ප‍්‍රදේශයේදී කැළණිගගේ ජල මට්ටම මීටර් 2.35 ක් දක්වා වැඩි වී තිබෙනවා. එය මීටර් 3 ක් දක්වා වැඩි වුවහොත් සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.