Saturday, May 11, 2024

General line - 0115112241

චන්ද්‍රිකාටත් මහින්දටත් ඊලඟ ජනාධිපතිවරණයට තරග කරන්න පුළුවන්

හේමන්ත කහවලගේ/ ඩිල්ෂාන් මඩවල/ ලහිරු කපුගේ




වාර දෙකක් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ තැනැත්තෙකුට නැවත එම ධුරය සදහා තරග කළ නොහැකි බවට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයෙන් විධිවිධාන සලසා ඇතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එම සීමාව වලංගු නොවන බවට නීති තර්කයක් මතුව තිබෙනවා. 

ඒ අනුව මීළග ජනාධිපතිවරණයටද තරග කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතාට අවස්ථාවක් තිබෙන බවයි නෙත් නිවුස් ඉකුත්දා කළ විමසීමකදි පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම පැවසුවේ. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වාගෙන්ද ප‍්‍රශ්න කළා. ඔහු පැවසුවේ මෙම නීති තර්කය පැහැදිලි කර ගැනීමට නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපති ධුරය පිළිබද පළමුව පනවා තිබූ විධිවිධාන සහ සංශෝධන මගින් එය වෙනස් වූ ආකාරය වෙන් වෙන්ව වටහාගත යුතු බවයි. 

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මෙම 19 වන සංශෝධනය සිදුකළ ආකාරයෙන් නව ජනාධිපති ධුරයක් නිර්මාණ කර ඇතැයි ද ඒ අනුව ඊට අදාළව පැනවූ විධිවිධාන පෙර පැවති ජනාධිපති ධුරය හෙබවූ තැනැත්තන්ට වලංගු නොවන බවද මෙහිදි විස්තර කෙරුණා.

මෙම තත්ත්වය යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හෝ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ජනාධිපතිවරණයකට නැවත තරග කිරීමට නීතිමය බාධාවක් නොවනු ඇතැයිද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.