Sunday, May 12, 2024

General line - 0115112241

ඉරිදා සහ පෝයදා ටියුෂන් තහනම ළඟදීම

ඩිල්ෂාන් මඩවල




ඉරිදා සහ පොහොය දිනවල පෞද්ගලික උපකාරක පංති පැවැත්වීම සීමා කිරිමට කැබිනට් පති‍්‍රකාවක් කඩිනමින් ගෙනඑන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා පවසනවා. ඉරිදා සහ පොහොය දිනවල පස්වරු 2 දක්වා උපකාරක පංති පැවැත්වීම තහනම් කිරීමට මෙමගින් අපේක්‍ෂා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. 

ගම්පහ ප‍්‍රදේශයේදී මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීමේදී අමාත්‍යවරයා මේ බව පැවසුවා.