Saturday, May 11, 2024

General line - 0115112241

අයහපත් කාලගුණයෙන් ඉන්දියාවේ පුද්ගලයින් 1000ක් මරුට

දිනුක් හේවාවිතාරණ




අයහපත් කාලගුණයෙන් කේරලයේ පුද්ගලයින් 324ක් මියගොස් තවත් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් අවතැන්ව ඇති බව ප්‍රාන්තයේ මහ ඇමතිවරයා සදහන් කර සිටිනවා.

කේරල ප්‍රාන්තයට බලපා තිබෙන ව්‍යවසනය දැකබලා ගැනිම සදහා ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි අද (18) සංචාරයක නිරතවු බව එරට මාධ්‍ය නිවේදනය කළා.

කේරල ප්‍රාන්තයේ පිහිටි දිස්ත්‍රික් 14 ක පාසැල් යලි දැනුම් දෙන තුරු වසා දමා ඇති අතර විපතට පත් ජනතාවට පානීය ජලය සහ ආහාර ද්‍රව්‍ය ගුවනින් සහ දුම්රිය ඔස්සේ සැපයුම් සිදුකරන බව එරට ප්‍රාන්ත බළධාරින් සදහන් කරනවා.

කේරල ප්‍රාන්තයේ පිහිටි ජලාශ 80ක් මේ වන විට වාන්දමමින් පවතින අතර ගංගාවන් 41ක් ඔස්සේ අරාබි මුහුදට විශාල ජල ප්‍රමාණයක් මුදාහරිමින් සිටින බවයි වාරිමාර්ග බළධාරින් සදහන් කරන්නේ.

ඉකුත් ජුනි මාසයේ සිට මේ ධක ඉන්දියාවට බලපා තිබෙන මෝසම් වැසි තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 1000ක් මිය ගොස් ඇති බව එරට බලධාරින් උපුටා දක්වමින් බිබිසි පුවත් සේවය සදහන් කරනවා.