Saturday, May 11, 2024

General line - 0115112241

කවුරු මොනවා කිව්වත් සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මකයි - ඇමති මලික්




සිංගප්පූරු ශී‍්‍ර ලංකා නිදහස් වෙළද ගිවිසුම පිළිබදවද දේශපාලන වේදිකාවේ තවදුරටත් විවිධ අදහස් පළ වනවා. මාධ්‍යවේදීන් කළ විමසිමකදි අමාත්‍ය මලික් සමරවික‍්‍රම පැවසුවේ කවුරුන් කුමක් කීවද මෙම ගිවිසුම දැනටමත් කි‍්‍රයාත්මක කර ඇති බවයි.

අමාත්‍ය මහින්ද අමරවීරද අම්බලන්තොට ඊයේ පැවති උත්සවයකදී මේ පිළිබද අදහස් පළ කළා. ඔහු පැවසුවේ සිංගප්පූරු ශී‍්‍ර ලංකා නිදහස් වෙළද ගිවිසුම පිළිබද ඇතැම් පාර්ශව කරන චෝදනා පදනම් විරහිතව ජනතාව බිය ගැන්වීමක් බවයි.

අන්තර් සමාගම් සේවක සංගමය වෙනුවෙන් එහි සභාපති වසන්ත සමරසිංහද මේ පිළිබදව අදහස් පළ කළා. ඔහු පැවසුවේ කි‍්‍රයාත්මක කිරීමෙන් පසු කිසියම් ගිවිසුමක් පිළිබද කොමිෂන් පත් කිරීම ඵලදායි නොවන්නක් බවයි.