Saturday, May 11, 2024

General line - 0115112241

ඇමතිගේ කැට කතාවට අන්තරයෙන් උත්තර

තරංග රුක්ෂාන් ජයසේකර/ ලහිරු කපුගේ




සරසවි සිසුන් කැටවලට එකතු කරන ආධාර මුදල්වලින් කුමක් කරන්නේ දැයි ප‍්‍රශ්න කරන ආණ්ඩුව පළමුව ජනතාවගෙන් ලබාගන්නා බදු මුදල්වලින් කුමක් කරන්නේ දැයි පිළිතුරු ලබාදිය යුතු බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසනවා. ඔවුන් ඒ බව පැවසුවේ උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ ඊයේ කළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින්. 

අමාත්‍යවරයා පැවසුවේ සරසවි සිසුන් කැටවලට එකතු කරන ආධාර මුදල් වලින් ඵලදායි කිසිවක් මේ දක්වා සිදුකර නොමැති බවයි. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කටයුතු කරන්නේ දේශපාලන උවමනාවන් අනුව බවටද මෙහිදි චෝදනාවක් කෙරුණා.

අන්තර් විශ්ව විද්‍යලයීය ශිෂ්‍ය බලමණ්ඩලය වෙනුවෙන් මීට ප‍්‍රතිචාර දැක්වූ එහි කැදවුම්කරු ලහිරු වීරසේකර පවසන්නේ කැටවලට එකතු කරන ආධාර මුදල් පාසල්වල විවිධ සමාජ සත්කාර සඳහා යොදවා ඇති බවයි.