Saturday, May 11, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පර්යේෂණ කටයුතුවලට ජයවර්ධනපුර සරසවියේ සහාය

ලහිරු කපුගේ




පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ පරීක්‍ෂණ සදහා සහාය ලබාදීමට ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ගිවිසුමකට එළඹ තිබෙනවා. ඒ, මාර්තු 12 ව්‍යාපාරයේ මැදිහත්වීමෙන්. 

ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දක්වන මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික මංජුල ගජනායක පෙන්වා දෙන්නේ මෙරට ඉතිහාසයේ පළමුවරට සිදුවූවක් බවය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යම් යම් කරුණු සම්බන්ධයෙන් පර්යේෂණාත්මක තොරතුරු සෙවීමේදී ආචාර්ය මණ්ඩලයේ සහ සිසුන්ගේ සහය නිල වශයෙන් හිමිවන බවයි ඔහු පෙන්වා දේනනේ.

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ දැනුම වැඩිවීම යහපත් දේශපාලනයක් සදහා ශක්තියක් වන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.