Wednesday, January 15, 2025

General line - 0115112241

ඥාණසාර හිමියන්ගේ පමා වූ සැත්කම ඇරඹෙයි

සජිත් තිලකරත්න




සිරදඬුවමකට ලක්ව සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණාසාර හිමියන්ට මේ වනවිට සැත්කමක් සිදු කරමින් සිටිනවා.

ඒ, උන්වහන්සේ ප‍්‍රතිකාර ලබන ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේදීයි.

ඉකුත් සඳුදා දිනයේ මෙම සැත්කම සිදු කිරීමට නියමිතව තිබුණද උන්වහන්සේගේ හෘද ස්පන්ධනයේ ගැටලූවක් හේතුවෙන් එය කල් දැමුණා. යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ බැවින් අද (20) දිනයේ සැත්කම සිදු කරන බවයි ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ප‍්‍රභාත් වේරවත්ත නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

සැත්කමෙන් පසු උන්වහන්සේ රෝහලෙන් නිදහස් කිරීම සඳහා ගතවන කාලය පිළිබඳ නිශ්චිතව ප‍්‍රකාශ කළ නොහැකි බව නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ප‍්‍රභාත් වේරවත්ත වැඩිදුරටත් සඳහන් කළා.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ඉකුත් දා වසර 06ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම වුණා. ඒ, අධිකරණයට අපහාස කළ බවට උන්වහන්සේට එරෙහිව එල්ල වූ චෝදනාවකට වරදකරු කරමින්.