හෝමාගම, ගොඩගම පැල්පොලවත්ත ප්රදේශවාසීන් එක්ව අසරණ දිළිඳු පවුලක් සඳහා නිවසක් ඉදිකර දී තිබෙනවා. ඒ සඳහා මුලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ ශාන්ත තිත්තගල්ල ඇතුළු පැල්පොලවත්ත ප්රදේශවාසීන් විසින්.
මෙම පවුල ජිවත් වුයේ පනාගොඩ මිගස්මුල්ල ප්රදේශයේයි. ඔවුන් ජීවත්වූ නිවාස ඉතා පැරණි වූ අතර එය ඉතාමත් අබලන් තත්වයක පැවතුනා. නමුත් නව නිවසක් ඉදිකර ගැනීම සඳහා ඔවුන්ට වත්කමක් තිබුනේ නැහැ.
ඒ අනුව තත්වය අවබෝධකරගත් හෝමාගම, ගොඩගම පැල්පොලවත්ත ප්රදේශවාසීන් ඔවුන්ට නව නිවසක් සාදා දීමේ කටයුතු ආරම්භ කළා. ඒ ප්රදේශවාසීන්ගේ නොමසුරු ආධාර උපකාර යටතේයි. එලෙස ඉදිකෙරුණු නිවස ඔවුන්ට භාරදීම ඊයේ (19) සිදුකෙරුනා.